අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය බලපෑම හේතුවෙන් අද (10) නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 පමණ තද වැසි ඇති විය හැකිය.
බදුල්ල අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්