මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කරයි

මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කරයි

නැවත දැනුම්දෙන තුරු මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

ඒ, මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙනි.

අද (11) පෙරවරුවේ සිට උඩරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය අතර ධාවනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත.

Share This