ඔහිය සහ ඉදල්ගස්ඉන්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
දුම්රිය ගමනාගමනය යළි සාමාන්‍ය පරිදි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබුණා.
කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයන්ගේ පස් ඉවත් කිරීම් කටයුතු කඩිනමින් සිදුකර ඇති බැවින් මේ වනවිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය විමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය ධාවනය, ධාවනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.