QR කේතයට දුන් ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට…

BERNAMA - Sri Lanka Introduces Weekly Fuel Quota Amid Supply Uncertainty

QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව අද (21) මධ්‍ය රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

වෑන් රථ සඳහා ලීටර් 50ක් ලෙසත් යතුරුපැදි සඳහා ලීටර් 8ක් ලෙසත් බස් රථ සඳහා ලීටර් 100ක් ලෙසත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Share This