QatarEnergy LNG නිෂ්පාදන නතර කිරීමත් සමග ගෑස් මිල ඉහළ යයි

ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ඇති වූ ගින්නකින් පසු, සෞදි අරාබිය එරට නැගෙනහිර කලාපය අසල පිහිටි රාස් තනුරා තෙල් පිරිපහදුවේ සමහර ඒකක තාවකාලිකව වසා දමන බව නිවේදනය කිරීමත් සමඟ, ඉරාන ප්‍රහාරවලින් පසු ද්‍රව ස්වභාවික ගෑස් නිෂ්පාදනය නවතා දැමූ බව කටාර් රාජ්‍යයට අයත් QatarEnergy බලශක්ති සමාගම පවසයි.

“කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික නගරයේ සහ මෙසයිඩ් කාර්මික නගරයේ කටාර් බලශක්ති මෙහෙයුම් පහසුකම්වලට එල්ල වූ හමුදා ප්‍රහාර හේතුවෙන්, ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය නවතා දමා ඇත,” යනුවෙන් ලොව විශාලතම LNG නිෂ්පාදකයා වන QatarEnergy  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම නිෂ්පාදන අත්හිටුවීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ මිල ගණන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවස බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Share This