මහ කන්නයේ අස්වනු මිල දී ගැනීම 20න් පසු
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු මේ මස 20 වැනිදායින් පසුව ආරම්භ කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.
එහි නියොජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සඳහන් කළේ, රජයේ වී ගබඩා ප්‍රමාණය ඉහළ දැමීමට සහ සතොස හරහා සහල් අලෙවි කිරීමේ කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
පෙර වසරවලට සාපේක්ෂව වැඩි වී අස්වනු ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු යොදන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.