උණ්ඩියෙල්, හවලා ක්‍රම ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා

උණ්ඩියෙල්, හවලා ක්‍රම ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා

උපයන ලද විදේශ ආදායම් උණ්ඩියෙල්, හවලා ක්‍රම හරහා එවීම හෝ අන්තර්ජාල ගිණුම්වලම එම මුදල් රඳවා තබා ගැනීම සඳහා වන විවෘත සාකච්ඡාවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සිදු වනවා.

ඒ, අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා සියයට 15ක බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමකයි.

මේ වනවිට ඊට ඩොලර් ආදායම් ලබන්නන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා.

එහිදී රජය විසින් තමන්ට කිසිදු පහසුකමක් ලබානොදී බදු අය කිරීමට තීරණය කිරීම දැඩි අසාධාරණයක් වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

සමාජ ජාලා රැසකම මීට එරෙහිව විවිධ අදහස් පළවෙමින් පවතින අතර ඔවුන් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ තමන් ඉදිරියේදී අන්තර්ජාල ගිණුම්වලම මුදල් රඳවා තබා ගැනීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය ආදායම බරපතළ ලෙස බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

නමුත් මෙය පැනවීම සඳහා යෝජනා වී තිබුණේ මීට වඩා ඉහළ ප්‍රතිශතයකින් බවත් එය පහළ දමා ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Share This