විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අනිද්දා සිට

ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අනිද්දා (23) සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව විවිධ පළාත් ආවරණය වන පරිදි එය ලබන ජුනි මස 03 වැනිදා දක්වා සිදු කරනු ඇත.
රත්නපුර, බදුල්ල, යාපනය, මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන නගරවල මෙම වාචික අදහස් විමසීමේ රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබේ.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත අදහස් ලබන ජූනි මස 5 වැනිදා දක්වා භාරගන්නා බවට තොරතුරු වාර්තා වේ.