මාලිමාවේ මන්ත්රීවරුන් දෙදෙනෙකුට එල්ල වූ විරෝධය
බිංගිරිය ප්රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙකුට ජනතාවගෙන් විරෝධය එල්ල වී තිබෙනවා.
අදාළ සිදුවීම අද (30) දහවල් කාලයේ ඇති වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජිත් ගිහාන් යන මහත්වරුන්ට මෙම විරෝධතාව එල්ලවී ඇති බව සඳහන්.
ඔවුන් දෙපළ ඇඟලුම් කම්හලේ නිලධාරීන් සමග සාකච්ඡා කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී මන්ත්රීවරුන් රැගත් වාහන දෙක වට කරගත් පිරිස ඒවාට ද පහර දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි බිංගිරිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් මන්ත්රීවරුන් දෙදෙනා ආරක්ෂිතව පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බව සඳහන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස අධිකාරිවරයාට වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ද ක්රියාත්මක බව වැඩිදුරටත් සඳහන්.