අතිශය පෞද්ගලික චෝදනාවකට හැරී කුමරු මහාධිකරණයට
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු බ්‍රිතාන්‍ය මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඒ නීති විරෝධී තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන් හැරී කුමරු සහ කම්කරු පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටොම් වොට්සන් සන් ප්‍රකාශක නිව්ස් ගෲප් පුවත්පත් ආයතනයට එරෙහි නඩුවක් වෙනුවෙන්.
දැන් අක්‍රියව ඇති නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් පුවත්පත ද ප්‍රකාශයට පත් කළ මෙම සමාගම සඳහා සේවය කරන මාධ්‍යවේදීන් සහ පෞද්ගලික විමර්ශකයින් තමා ඉලක්ක කරගත් බවටයි සසෙක්ස් ආදිපාදවරයා එහිදී චෝදනා කරන්නේ.
තම අතිශය පෞද්ගලික තොරතුරුවලට එහිදී ඔවුන් පිවිසී ඇති බවට හැරී කුමරා පවසනවා.
හිටපු නියෝජ්‍ය නායක ටොම් වොට්සන් පවසන්නේ, එම ආයතන සේවකයින් තම පෞදගලික දුරකථන ඇමතුම්වලට සවන් දී ඇති බවයි.
කෙසේ වෙතත් එවැනි නීති විරෝධී ක්‍රියාකාරකමක් සිදු වූ බව සන් ආයතනය ප්‍රතික්ෂේප කරනවා.
මෙම නඩුව පසුගිය වසර 18 ක් පුරා පැවති ඇති අතර, අධිකරණයෙන් පිටත නඩු 39 ක් සමථයකට පත් කර තිබෙනවා.
නමුත් තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන යන්නේ හැරී කුමරු සහ වොට්සන් සාමිවරයා පමණයි.
මෙම මහාධිකරණ නඩු විභාගය සති හයේ සිට අට දක්වා කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.