අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක හමුවෙයි

ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (22) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche, මහතා හමුවිය.
සමාජ ආරක්ෂණය, සෞඛ්‍ය සේවා සහ සංහිඳියාව වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහය Franche, මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ඉදිරි නිල සංචාරය පිළිබඳව ද ඔහු අග්‍රාමාත්‍යවරියට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලන සංහිඳියා ක්‍රියාවලියක් සකස් කිරීමේ අවශ්‍යතාව අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය.
ගාසා තීරයේ දිනෙන් දින අයහපත් වන මානුෂීය තත්ත්වය පිළිබඳව අගමැතිවරිය කනස්සල්ල පළ කළ අතර, පලස්තීන ජනතාව සමඟ වැඩි ජාත්‍යන්තර සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළාය.
කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පති, එක්සත් ජාතීන්ගේ සාමය හා සංවර්ධන උපදේශක නෙත්මිණි මැදවල, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.