ජනපතිගේ සිව්දින චීන සංචාරය අද රැයින් ඇරඹෙයි
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඒ අනුව ජනාධිපතිවරයා හෙට (14) සිට ලබන 17 වැනිදා දක්වා මෙම සංචාරයෙහි නිරත වනු ඇති.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට සැළසුම් කර තිබෙනවා.
එමෙන්ම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද නියමිතයි.
මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.
ඒ අනුව මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.