තීරු බදු සහන කාලය දීර්ඝ නොකරන බව ජනපති ට්‍රම්ප් කියයි

රටවල් රැසකට ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය තවත් දිගු කිරීමට ආණ්ඩුව සැලසුම් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් ලබාදුන් කාලය අවසන් වනුයේ ජූලි 9 වැනි දා ය.
මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදය සමග ගනුදෙනු නොමැති නම් වෙළඳ දඬුවම් ක්‍රියාත්මක වන බවට ඔහුගේ පරිපාලනය එම රටවලට දැනුම් දෙන බවයි.
මෙම තීන්දුවෙන් බලපෑමට ලක්වන්නේ චීනය, ඉන්දියාව, ජර්මනිය සහ මෙක්සිකෝව වැනි ආනයනික නිෂ්පාදන සඳහා බදු සහන ලබාගෙන සිටින රටවල්ය. මේ පිළිබඳව ලෝක වෙළඳ සංවිධානය ද දැඩි අවධානයක් යොමු කරමින් මෙය ගෝලීය වෙළඳ පද්ධතියට අභියෝගයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් කර ඇත.
මෙහිදී ඇමෙරිකානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ විශේෂඟ්හයන් පවසන්නේ මෙම තීන්දුව විදේශ වෙළඳ සබඳතා තවදුරටත් ආතතියට ලක් කළ හැකි බවයි. තවද තීරුබදු සහන අවසන් වීම නිසා පාරිභෝගික මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවද ඔවුහු අනාවරණය කර තිබේ.
අදාළ රටවල් සමග නැවත සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් තිබේදැයි මාධ්‍ය ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ ඇමෙරිකාව සෑම විටකම සාකච්ඡා සඳහා සූදානම් බවයි.
සඳුනි තිලකරත්න