රජයට අරමුණු තුනක් ඇති බව ජනපති කියයි

රජයට අරමුණු තුනක් ඇති බව ජනපති කියයි

තම ආණ්ඩුවට ප්‍රධාන අරමුණු තුනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන අමතමින්. ඉන් එකක් දුප්පත්බාවය තුරන් කිරීම බව ද ඒ මහතා කියාසිටියා.

ග්‍රාමීය ජනතාව වෙත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යාමට අවශ්‍ය වන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම වත්මන් රජයේ අපේක්ෂා බවයි, අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.

“ප්‍රධාන එක් අරමුණක් තමයි දුප්පත්බාවයෙන් අපේ රටත්, අ‌පේ රටේ පුරවැසියනුත් මුදවා ගැනීම. ආර්ථිකය ග‌මේ ජනතාව දක්වා ආර්ථිකයට ප්‍රතිලාභ ගලා යන ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම.

ආර්ථිකය ඉතා කුඩා කණ්ඩායමක් වටා සංකේන්ද්‍රනය වී තිබීම සමාජයකට කවදාවත් ස්ථාවරත්වයක් ගෙනත් දෙන්නේ නෑ. ආර්ථිකය කුඩා කණ්ඩායමක් මත ඒකරාශීවී තිබීම, රටකත් ජනතාවගෙත් අස්ථාරවත්වයක් නිර්මාණය කරනවා.

ආර්ථිකයේ ස්ථාවරත්වය නිර්මාණය කරන්න නම් ග්‍රාමීය ජනතාව දක්වා ප්‍රතිලාභ ගලා යා යුතුයි. ඒ නිසා අපි අයවැය ලේඛනයේ අපේ රටේ දුප්පත්කම නැති කරගන්න ඉලක්ක කරගත්තු, ආර්ථික දිශාවකට මෙහෙය වන ආරම්භයක් බවට පත් කරන්න අප සූදානම් කර තිබෙනවා.

දෙවැනි අපේ ඉලක්කය. අපේ රට ඩිජිටල්කරණයකට ලක් කළ යුතුයි. කාර්යක්ෂමතාවය, නාස්තිය අවම කිරීම, වංචා දූෂණ අවම කිරීම, පුරවැසියන්ට ඉතාමත් පහසුවෙන් රාජ්‍ය හා තමන් අතර බැඳීම සක්‍රියව ඉටු කරගැනීම සඳහා ඩිජිටල්කරණයකට අවශ්‍ය වන පදනම අප නිර්මාණය කර තිබෙනවා.

ඊළඟ අපේ ප්‍රධාන වැඩ කටයුත්ත තමයි, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය. පරිසර පද්ධතිය පිරිසිදු කිරීමක් පමණක් නොවේ. මේ සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු මේ මාතෘ භූමිය යළිත් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සෑම අංශයකම ක්ලීන් කිරීම තමා අපේ අපේක්ෂාව.”

Share This