පොලිස් රස්සාව ඉතා ගෞරවාන්විත බව ජනපති කියයි

පොලිස් රස්සාව ඉතා ගෞරවාන්විත බව ජනපති කියයි

ජූලි මාසයේ සිට පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ පැවැති “ජය නියතයි ගම අපිටයි” ජන රැලියට එක්වෙමිනි. පාසල් සිසුන් 300‌ට අඩු පාසල්වල දරුවන්ට නොමිලේ සපත්තු ලබාදීමට ද පියවර ගෙන ඇත.

සිසුන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීමට රුපියල් හයදහස බැගින් ලබාදීමට  කටයුතු කළ බව අනුර කුමාර දිසානායක මහතා කීය. රාජ්‍ය සේවයට 30,000කින් අලුතින් පත් කරගැනීමට පියවර ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

“රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම පොලිසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ නිසා දෙමළ භාෂාව කතා කරන අය පොලීසියට අවශ්‍යයි. අපි මේ වසරේ අලුතින් පොලිසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව කතා කරන ඔබගේ දරුවන්ද පොලිස් සේවයට බඳවන්න. එය ඉතා ගෞරවාන්විත රැකියාවක්. අපේ රටේ නීතිය හා සාමය රැකීමට තිබෙන රැකියාවයි. අපි ඔවුන්ට හොද වැටුප් තලයකුත් ලබා දෙනවා. ඒ වගේම තව පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට දෙමළ භාෂාවෙන් කථා කරන අය එක් විය යුතුයි. අපි එකතුවෙලා මේ රට හදන්න ඕන.”

Share This