ජනපති අනුර නීතිපතිවරයා ඇතුළු නිලධාරින්ට දුන්න උපදෙස

ජනපති අනුර නීතිපතිවරයා ඇතුළු නිලධාරින්ට දුන්න උපදෙස

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන බවයි, එම මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම වනවා.

දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම මහජන අපේක්ෂා බිඳ වැටීමට  රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට  කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

Share This