ජනපති අනුර අද චීන ජනපති හමුවෙයි

ජනපති අනුර අද චීන ජනපති හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ(14) චීනයට ළඟා වුවා.

මෙම සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළපෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට සැලසුම් කර තිබෙනවා.

Share This