ජනපති අනුර මාලදිවයිනේ සංචාරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරකයක් සඳහා ලබන 28 වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.
එරට ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරෙනු ඇත.
එහිදී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික රාජ්‍ය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
එමෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කිරීමට නියමිත බව ද සඳහන්ය.