කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගියට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය අද (13) තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය හිමිකරගනු ලැබූ නමුත් බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.
එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 7ක් හිමිකරගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමිවිය.
එමෙන්ම පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්, පොදුජන එක්සත් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 එක් මන්ත්‍රිධුරයක් බැගින් හිමි කර ගනු ලැබීය.