තැපැල් ඡන්ද සලකුණු කරන දින වෙනස් වෙයි

තැපැල් ඡන්ද සලකුණු කරන දින වෙනස් වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල පැවැත්වෙන බවයි.

ඒ අනුව රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු සියලූම ආයතන සඳහා ඒ දිනවල තැපැල් ඡන්දය සලකුණ කළ හැකිය.

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලික විද්‍යාලයේ පිහිටුවා ඇති බව සභාපතිවරයා කියා සිටියි.

Share This