ජනප්‍රිය මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තුවේ සංචාරයක

චිත්‍රපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් අද (19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්විය.
සංචාරය අතරතුරදී ඔහු ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.