සෙව්වන්දි සෙව්වොත් ලක්ෂ 12ක් දෙන බව පොලිසිය කියයි

ගණේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරු අධිකරණ භූමිය තුලදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාරිය බව කියන සෙව්වන්දි නමැති කාන්තා සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිසිය පවසනවා.
එය පොලිස් ත්‍යාග අරමුදලින් ලබා දෙන ලෙසටයි, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත්තේ.
එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය අතිශයින්ම ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළා.
එම තොරතුරු පහත අංකවලට දැනුම් දියහැකියි.
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 8591735