පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව සඳහන්.