ඉල්ලා අස්වීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග කතා කරයි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරනතුරු තමා තවදුරටත් එම කාර්යයෙහි නිරත ව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබා දෙමින්.
“පොලිස් නිලධාරියෙක්ට යම් වගකීමක් පැවරුවාට පස්සේ, ඒ වගකීමෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් නැහැ. නමුත් මම පුද්ගලික හේතු මත ස්ථාන මාරුවීමක් ඉල්ලා තිබෙනවා. ඒ කටයුතු සිදු කෙරිලා, ඒ වෙනුවෙන් යම් නිලධාරියෙක් පත් කෙරෙනතුරු මට පවරලා තියෙන වගකීමෙන් ඉවත්වීමට හැකියාවක් නැහැ. ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුවෙනකම් මම මේ තනතුරේ රාජකාරියේ නිරත වෙනවා.”