ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන පොලිසිය දැනුවත් කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන පොලිසිය දැනුවත් කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබදව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තුමේන්තුවල නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) පවත්වා තිබෙනවා.

ඒ, අමාත්‍යංශයේ පිහිටා ඇති, ප්‍රධාන ශ්‍රවණාගාරයේදීයි.

මෙම දැනුවත් කිරිම ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් G.M.D.R අපෝන්සු මහතා විසින් සිදු කළ බව සඳහන්.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල වගකීම ලේකම්වරයා විසින් පැහැදිලි කළ බවයි, මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රාජය නොවන සංවිදාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යන ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරින් සහභාගී වුණා.

Share This