පෝලන්තයේ පිරිමින් සඳහා හමුදා පුහුණු සැලැස්මක්

පෝලන්තයේ පිරිමින් සඳහා හමුදා පුහුණු සැලැස්මක්

පෝලන්තයේ සියලුම පිරිමින්ට හමුදා පුහුණුව ලබා දීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින බව අගමැති ඩොනල්ඩ් ටස්ක් පවසයි.

පෝලන්ත පාර්ලිමේන්තුව අමතමින් ටස්ක් පැවසුවේ ඉදිරි මාසවලදී මේ ගැන සම්පූර්ණ විස්තර ලබා දීම රජයේ අරමුණ බවයි.

යුක්රේන හමුදාවේ සොල්දාදුවන් 800,000 ක් සිටින බවත්, රුසියාවේ මිලියන 1.3 ක් පමණ සිටින බවත්, සංචිත භටයින් ඇතුළුව පෝලන්ත හමුදාවේ ප්‍රමාණය දැන් 200,000 සිට 500,000 දක්වා වැඩි කිරීමට ඔහුට අවශ්‍ය බවත් ටස්ක් පැවසීය.

කාන්තාවන්ට හමුදා පුහුණුව ලබා ගත හැකි බව ටස්ක් පැවසූ නමුත් යුද්ධය තවමත් බොහෝ දුරට පිරිමින්ගේ විෂය පථයක් බව ඔහු විස්තර කළේය.

සඳුනි තිලකරත්න

Share This