වෛද්‍ය ක්ෂේත්රයේ පිරිස් දැඩි කණස්සලකින්

වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරනු ලබන සංකිර්ණ ශල්‍යකර්ම හා වෛද්‍ය ක්රියාපරිපාටිවල යෝග්‍යතාවය හා ඒවායේ ප්‍රතිපල සම්බන්ධයෙන් තාක්ෂණීක නොවන පුද්ගලයින් විසින් විවිධ ස්ථානවල සිදුකරනු ලබන අහිතකර අදහස් සම්බන්ධව වෛද්‍ය කෙෂත්රය තුළ දැඩි කණස්සල්ලක් මතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
එම සංගමය පෙන්වා දෙන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ විශ්ලේෂණයකින් තොරිව සිදුකරන මෙම අදහමස් දැක්වීම් ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම තුළින් සමජනතාවගේ මනස තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳව සැක සංකා මතු කිරිමටත් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන් අතර කාංසාව ඉහළ නැංවීමටත් හේතු වී ඇති බවය.
ඔයින් වෛද්‍ය ප්‍රතිරූපයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවාවට අපහාස කිරීමට උත්සාහ දරන බවද විශේෂඥ වෛද්‍යවරන්ගේ සංගමය පෙන්වා දී තිබේ.
මෙම අනාරක්ෂිත ප්රවනතාව පිළිබඳව තම සංගමය දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර අදාළ සිදුවීම පිළිබඳව පූර්ණ පරික්ෂණයක් ආරම්භ කරන ලෙසත් හැකි ඉක්මණින් විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එම සංගමය ඉල්ලා සිටියි.
විනීතා එම් ගමගේ