මහ කන්නයේ වගා හානි ගෙවීම් කටයුතු අවසන්

මහ කන්නයේ වගා හානි ගෙවීම් කටයුතු අවසන්

පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය බලපාන ලද දිස්ත්‍රික්කවල හානියට පත් වූ වගාවන් සඳහා රුපියල් මිලියන 952ක් ගෙවා තිබෙනවා.

ඒ, ගොවින් 53,511 දෙනෙකුගේ වගා අක්කර 61,071ක් සඳහා මෙම මුදල ගෙවා ඇති බව සඳහන්.

මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මුලතිවු, මන්නාරම, යාපනය, කුරුණෑගල සහ වවුනියාව ගංවතුර හේතුවෙන් විශාල ලෙස වගාවන් හානියට ලක් වුණා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල වගා හානි වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීම සඳහා  ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ද නිර්දේශයන් සැලකිල්ලට ගෙන මෙම මුදල් ගෙවා ඇති බව සඳහන්.

Share This