මහරගම අපේක්ෂා රෝහලේ ගොඩනැගිල්ලකින් පැන රෝගීයෙක් දිවි හානි කරගනියි

මහරගම අපේක්ෂා රෝහලේ ගොඩනැගිල්ලකින්  පැන රෝගීයෙක් දිවි හානි කරගනියි

මහරගම අපේක්ෂා රෝහලේ රසාවි ගොඩනැගිල්ලේ පස්වන මහලෙන් බිමට පැන පුද්ගලයෙකු දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, රුවන්වැල්ල ගල්පාත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අවිවාහකයෙක්.

ඔහු  පසුගිය 14 වැනිදා ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට පැමිණ ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු එහි තෙවන මහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්.

අනතුරුව මරණකරු එම ගොඩනැගිල්ලේ පස්වන මහලට ගොස් ඉන් බිමට පැන ඇති අතර එහිදී බිම් අතුරුම් ගල් මතට වැටි අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයේදී ද මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්කමකයි.

Share This