පැතුම් රුක්ෂාන්ගේ පුංචි සුරංගනාවිට අවුරුද්දක් – Photos

මීට කාලෙකට ඉස්සර ගීත රූප රචනාවලට නැතුවම බැරි වුණු තරුවක් තමයි, පැතුම් රුක්ෂාන්.
ඒ විදියට රසික හිත්වල ඉඩක් වෙන්කර ගත්තු මේ හැඩකාරයා නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් හැටියට සෑහෙන්න කතාබහට ලක්වුණා.
පස්සෙ පස්සෙ නිර්මාණ කටයුතුවලින් නිතර දකින්න නොලැබුණාට මොකද පැතුම්ගේ මූණ නම් අමතක වෙලා නෑ කාටවත්. දැන් ඔහු ආයෙමත් නිර්මාණ ඔස්සේ දක්නට ලැබෙනවා.
ඉතින් ඔය විදියට කාගෙත් ආදරය දිනූ ඔහු ගැන ගෙවුණු කාලයේ සුබ ආරංචියක් අහන්න ලැබුණා.
ඒ, පැතුම් හුරතල් දියණියකට පියෙක් වුණු බව.
ඈ නමින් දිව්‍යා ටියානා..
පුංචි දිව්‍යාට දැන් අවුරුද්දක්.
ගෙවුණු දවසක මේ පුංචි පැංචි, අම්මිගෙයි තාත්තිගෙයි ආදරේ එක්ක එයාගෙ පළවෙනි උපන්දිනය සැමරුවා.
ඒ, කලා ලෝකයේ ආදරණීය නැන්දිලා මාමිලා වගේම පුංචි යාළුවෝ ගොඩක් එක්ක…


































