දේවගැති ජෙරම්ට ගුවනින් ගමන් කරන්න අවසර ලැබෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහි නඩුව අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදීයි.
ආගමික සංහිඳියාවට හානිය වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි මෙම නඩුව ගොනු ඇති තිබුණා.
ඒ අනුවයි, අදාළ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පැනවීමට කටයුතු කළේ.