ඇට්ලන්ටා හි ගුවන්යානා එන්ජිමක ගින්නක්
මගීන් ස්ලයිඩ මතින් ඉවත් වෙයි
ඩෙල්ටා එයාර් ලයින්ස් ජෙට් යානයක හටගත් එන්ජින් දෝෂයක් හේතුවෙන් ගුවන්ගත වීම අතරමග නවතා දැමීමට සිදුවූ පුවතක් CNN පුවත් සේවය වාර්තා කරනවා.
පසුගිය සිකුරාදා උදෑසන ගුවන් ගත වීමට සූදානම් වූ මෙම බෝයිං 757 ගුවන් යානය ඇට්ලන්ටා ගුවන් තොටුපළේ ධාවන පථයේ අඩක් පමණ පැමිණෙන විට එහි එන්ජිමක් ගිනි ගෙන ඇති බව සඳහන්.
එම අවස්ථාවේ යානයේ මගීන් 200 කට වැඩි පිරිසක් සිට තිබෙනවා.
ඩෙල්ටා ගුවන් කාර්ය මණ්ඩලය මෙම බෝයිං 757 යානයෙන් ස්ලයිඩ යොදවා මගීන්ව ඉතා ඉක්මනින් ගුවන් යානයෙන් පිටතට ගත් බව සඳහන්.
එහිදී පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලැබූ බවයි ගුවන් සේවා සහ ගුවන් තොටුපළ නිලධාරීන් පවසා ඇත්තේ. ඉන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති අතර, අනෙක් මගීන් තිදෙනා ගුවන් තොටුපොළේදී ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අසාමාන්‍ය හිම සහිත උදෑසනක සිදුවූ මෙම අනතුර පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට ගුවන් සේවා සහ ගුවන් තොටුපළ නිලධාරීන් කටයුතු කර නැහැ.