මගියෙකු ගේට්ටු ආරක්ෂාව මඟහැර ටිකට් පතක් නොමැතිව ගුවන් යානයකට ගොඩවෙයි
මගියෙකු සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂාව මඟහැර ටිකට් පතක් නොමැතිව ඩෙල්ටා ගුවන් යානයකට ගොඩවූ පුවතක් අමරිකාවෙන් වාර්තා වනවා.
මෙය මේ මාසයේ වාර්තා වූ දෙවන සිදුවීම බව සඳහන්.
මෙම මගියා ගුවන් යානය පිටත්වීමට පෙර දින රාත්‍රියේ ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර, ටිකට් පතක් හෝ ගුවන් ගමන් බලපත්‍රයක් පවා නොමැතිව සියළුම ආරක්ෂක නිලධාරීන් මගහැර ගුවන් යානයට ඇතුළු වී එහි අසුන් ගෙන තිබෙනවා. ගුවන් යානය ගුවන් ගත වීමට පෙර ගුවන් සේවිකාවන් මෙම මගියාව දැක, ප්‍රශ්න කිරීමේදී ඔහු ක්ෂනිකවම ඉන් පිටතට දිව ගොස් ඇති බව සඳහන්.
ඉන් පසු සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ වැසිකිලියක් තුළට ගොස් සැඟවී සිටි මගියාව අත්අඩංගුවට ගත් බවයි බලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව ගුවන් යානයේ සිටි සියළු මගීන්ව නැවතත් පිටතට ගෙන , පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ගුවන් යානය පිටත් වී ඇත්තේ.
මේ නිසා නියමිත වේලාවට වඩා පැය 02 ට අධික කාලයක් යානය පමා වූ බව සඳහන්.
නමුත්, මෙම සිදුවීම ගුවන් තොටුපොළ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටළු රාශියක් මතු කරන බව විචාරකයන් පවසනවා.