පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද (21) සිට ලබන 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.

අද පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

පෙ.ව. 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලින් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව හෙට (22) ද එය පැවැත්වීම සඳහා කල් තැබීමට නියමිතයි.

Share This