පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අඛණ්ඩ වැඩ වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බව එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවස්ථාවක ලබා නොදීම ඊට හේතුව බව ඔහු සඳහන් කරයි.
මීට පෙර අදාළ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට (06) පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබුණ ද, අද (05) පස්වරු 03.00 රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය එය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇත.
අදාළ කාරණාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරියගේ මැදිහත්වීමක් අවශ්‍ය බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
”මේ පිළිබඳ අගමැතිවරියගේ හෝ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍යයි. සම සෞඛ්‍ය සේවාවට අමතරව නලින්ද, රජයේ ප්රතිපත්තියටත් අභියෝගකර තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිදාරීන් පිළිබඳව රජය ගෙන ඇති තීන්දුව සහ එම විශ්ව විද්‍යාලයේම සම සෞඛ්‍ය උපාධිධාරීන් පිළිබඳව නලින්ද ගෙන ඇති තීන්දුව පරස්පර විරෝධීයි.
වට මේස සාකච්ඡා මග හරිනවානම් ප්‍රසිද්ධ විවාදයකට එන්න. හැකිනම් මහජනතාව ඉදිරියේ තමන් නිවැරදි බව තහවුරු කරන ලෙස අපි ජයතිස්ස ඇමතිවරයාට අභියෝග කරනවා.”