පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක

හෙට (05) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, සමසෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

අදාළ ගැටලු විස‍ඳාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම විෂය භාර අමාත්‍යවරයා මඟ හරිමින් සිටින බව ඒ මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ද ඔහු කීය.

ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජනය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.

Share This