පානදුර සළිඳුට ඇප

පානදුර සළිඳුට ඇප

‘පානදුර සළිඳු’ නොහොත් ‘සෙල්ලප්පෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න’ නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කර තිබෙනවා.

ඒ, පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.

එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇති බව සඳහන්.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවටයි.

අදාළ නඩුව යළි 2025 පෙබරවාරි 10 දින කැදවීමට නියමිතයි.

Share This