පාකිස්තාන් තුන්ඉරියව් ක්‍රීඩක කුෂ්දිල් ශාහ්ට දඩ

පාකිස්තාන් තුන්ඉරියව් ක්‍රීඩක කුෂ්දිල් ශාහ්ට පාකිස්තානය සහ නවසීලන්තය අතර විස්සයි-20 තරගාවලියේ පසුගිය 16 වැනිදා පැවති පළමු තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම නිසා දඬුවමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී නවසීලන්තය සහ පාකිස්තානය අතර විස්සයි-20 පළමු තරගයේ පාකිස්තානය පිතිකරණයේ යෙදී සිටින අවස්ථාවේ අට වන පන්දු වාරයේදී පිතිකරුවක් ලෙස කුෂ්දිල් ශාහ් කඩුලු අතර දිව යන අතරතුර පන්දු යවමින් සිටි නවසීලන්තයේ සකාරි ෆුල්ක්ස්ගේ නුසුදුසු ලෙස ශරීරයේ ගැටීම හේතුවෙන් මෙම චෝදනාව කුෂ්දිල් ශාහ්ට එල්ල වී ඇත.
කුෂ්දිල් විසින් මෙම චෝදනාව පිළිගත් බැවින් තරගයේ තරග තීරකවරයා විසින් මෙම චෝදනාවට වැඩිදුර විභාගයක් නොවූ අතර ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අයි.සී.සී. විනය නීති සංග්‍රහය දෙවැනි මට්ටමේ උල්ලංඝනය කිරීම හේතුවෙන් කුෂ්දිල් ශාහ්ට තරගයේ තරග ගාස්තු 50%ක දඩයක් සහ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් එක් කළේය.
මාස 24ක් ඇතුළත නැවත අයි.සී.සී. විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් සිදු වූවහොත් කුෂ්දිල් ශාහ්ට තරග තහනමක් ද පැනවීමට ඉඩ ඇත.
- ඉෂාර ගයාෂාන්