පාකිස්ථානයට ලකුණු 37ක ජයක්

බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්සයි තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවි ලබාගත්ත ලකුණු සංඛ්‍යාව 201කි.
සල්මන් අගාහ් ලකුණු 56ක් සහ ශදාබ් ඛාන් ලකුණු 48ක් රැස්කර ගත්තහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 19.2ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 164ක් පමණයි.
එහිදී ලිටන් දාස් ලකුණු 48ක් සහ ජකර් අලී ලකුණු 36ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී හසන් අලී කඩුලු 05ක් දවාගත්තේය.
තරගය පැවැත්වුණේ, ලාහෝර්හිදීය.