පාකිස්ථානයට ලකුණු 127ක ජයක්

පාකිස්ථානයට ලකුණු 127ක ජයක්

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 127කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 230ක්.

එහිදී සෞඩ් ශකීල් ලකුණු 84ක් සහ මොහොමඩ් රාස්වාන් ලකුණු 71ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ජෙයඩීන් සීල්ස් සහ ජොමල් ව්‍යක්‍රීන් කඩුලු තුන බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

අනතුරුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ජොමල් ව්‍යක්‍රීන් ලකුණු 31ක් සහ ජෙයඩීන් සීල්ස් ලකුණු 22ක් ලබාගත්තා. පන්දුයැවීමේදී නෝමන් අලී කඩුලු 05ක් බිඳහෙළීමටයි සමත් වුණේ.

බටහිර ඉන්දිය කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 93ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 152ක්.

එහිදී ශාන් මසූඩ් ලකුණු 52ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ජොමල් ව්‍යක්‍රීන් කඩුලු 07ක් දවාගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 123ක් පමණයි.

එහිදී Alick Athanaze ලකුණු 55ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

ශජිඩ් ඛාන් කඩුලු 05ක් මඒ අබ්‍රාර් අහමඩ් කඩුලු 04ක් බිඳහෙළුවා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ ශජිඩ් ඛාන් විසින්.

Share This