ඉම්රාන් ඛාන් , පකිස්තාන අගමැති සහ ජනපති අතර හමුවක්

ඉම්රාන් ඛාන් , පකිස්තාන අගමැති සහ ජනපති අතර හමුවක්

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, පකිස්තාන වත්මන් අගමැති සහ පකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි අතර හමුවක් මගින් රටේ දේශපාලන ගැටලු විසඳා ගත හැකි බව පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ජ්‍යෙෂ්ඨ නායක අලි මුහම්මද් ඛාන් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

පකිස්තානය පුරා වසර ගණනාවක් ඇති සියලු දේශපාලන ගැටලු විසඳීමේ යතුර ඉම්රාන් ඛාන් නිදහස් කිරීම තුළ ඇති බවයි පක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ඉම්රාන් ඛාන්ගේ නිදහස් කිරීම පකිස්තානයේ දේශපාලන ආතතිය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු විශ්වාස කරන අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මෙම රැස්වීම අත්‍යවශ්‍ය බව පවසමින් පකිස්තාන අගමැති සහ ජනපති සමග ඉම් රාන් ඛාන් සාකච්ඡා පැවැත්වීම අත්‍යාවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.

මේ අතර පසුගියදා දෙසැම්බර් 28 වන දින පකිස්තාන අගමැතිගේ දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ සහකාර ද පවසා ඇත්තේ,පකිස්තානයේ ගැටළු විසඳීම සඳහා ඉම්රාන් ඛාන්, නවාස් ෂරීෆ් සහ අසිෆ් අලි සර්දාරි එකට වාඩි විය යුතු බවයි.

Share This