පාකිස්ථානය ඉනිමක පරාජයෙන් බේරිමේ සටනක
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 341ක් ලබාගත යුතු වනවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 615ක්.
එහිදී රයන් රිකල්ටන් ලකුණු 259ක්, ටෙබා බවුමා ලකුණු 106ක් සහ කෛල් වර්යන් ලකුණු 100ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී මොහොමඩ් අබාස් සහ සල්මන් අගාහ් කඩුලු තුන බැගින් දවාගැනීමටයි සමත් වුණේ.
අනතුරුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 194ක් පමණයි.
එහිදී බාබර් අසාම් ලකුණු 58ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 46ක් රැස්කරගත්තා.
ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 421ක් පිටුපසින් සිටියා.
ඒ හේතුවෙන් පිට පිට අවසන් වරටත් පන්දුවට පහර දෙන පාකිස්ථාන කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කිසිදු කඩුල්ලක් නොදැවි ලකුණු 80ක් ලබා සිටිනවා.