දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ පාකිස්ථානය
දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යයායට අනුව ලකුණු 36කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 47ක් තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 308ක්.
එහිදී සයිම් අයුබ් ලකුණු 101ක් රැස්කරගත්තා. පන්දුයැවීමේදී කර්ගිසෝ රබාඩා කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 42ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 271ක් පමණයි.
එහිදී හෙන්ඩ්‍රික් කාල්සන් ලකුණු 81ක් ලබාගත්තා. පන්දුයැවීමේදී ශෆියන් මුයීන් කඩුලු 04ක් දවාගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ පූර්ණ ජය පාකිස්ථානයට හිමි වුණා.
දකුණු අප්‍රිකාව සිය මව්බිමේදී පූර්ණ එක්දින තරගාවලි පරාජයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.