මාස හයකට වාහන 73,400 අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරලා

මාස හයකට වාහන 73,400 අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරලා

පසුගිය ජනවාරියේ සිට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා යතුරුපැදිය ඇතුළු වාහන 73,400 අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීම පසුගිය මාසය තුළ සිදුවූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදිවන අතර එම සංඛ්‍යාව 58,947ක් වන බවයි.

ඊට අමතරව මෝටර් රථ 7500ක් සහ ත්‍රී රෝද රථ 1,666 ද ලියාපදිංචි කර ඇති බව එම කොමසාරිස් ජෙනරල් වරයා කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This