2024 දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියන 2 ඉක්මවයි
2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඉහළම මාසික සංචාරක පැමිණීම් වාර්තා කළ අතර, එය අගය 248,592 ක් බව සඳහන්.
2024 දී සම්පූර්ණ සංචාරක පැමිණීම් 2,053,465 ක් වාර්තා වී ඇති අතර එය 2023 ට සාපේක්ෂව 38% ක වැඩිවීමක්.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 3,168.6 ක සංචාරක ආදායමක් වාර්තා කර ඇති අතර එය පෙර වසරට වඩා සැලකිය යුතු 53.2% ක වැඩිවීමක් බව පවසනවා.
මෙම පැමිණීම් වැඩිවීමත් සමඟ, 2024 සංඛ්‍යා දත්ත 2018 දී සංචාරකයින් මිලියන 2.3 ක් වාර්තා වූ පූර්ව වසංගත හා පූර්ව පාස්කු ප්‍රහාර මට්ටම්වලට ආසන්නවීම විශේෂත්වයක්.
සංචාරක පැමිණීම් 2025 දී අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින අතර ජනවාරි මාසයේ මුල් දින නවය තුළ පමණක් සංචාරකයින් 70,944 ක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.