පාලනයෙන් තොර ඔස්ට්‍රේලියාවේ ලැව්ගින්න දින ගණනක් ඇවිලෙනු ඇතැයි බලධාරීහු අනතුරු අඟවයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට නොහැකි වේගයකින් පැතිරෙමින් යන බව වාර්තා වනවා.
මේ නිසා ප්‍රදේශයේ නිවැසියන් විශාල සංඛ්‍යාවකට ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.
මෙල්බර්න් ප්‍රාන්ත අගනුවරට කිලෝමීටර් 241ක් බටහිර දෙසින් පිහිටි ග්රැම්පියන් ජාතික වනෝද්‍යානයේ සහ ඒ අවට ප්‍රදේශයේ ඇතිවූ මෙම ගින්න සඳහා ඉහළම අනතුරුදායක මට්ටමක් නිකුත් කර ඇති බලධාරීන් වහාම පිටව යන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මේ වනවිට ලැව්ගින්නෙන් හෙක්ටයාර් 34,000 ක් (අක්කර 84,000) විනාශ වී ඇති අතර, ඉදිරි දින කිහිපය අභියෝගාත්මක වණු ඇති බවයි සඳහන් කර ඇත්තේ.