සත්සර නිමේෂ්ගේ දේහය ගොඩගන්නැයි නියෝගය

සත්සර නිමේෂ්ගේ දේහය ගොඩගන්නැයි නියෝගය

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත් වූ බව කියන තරුණයාගේ මෘත ශරීරිය ගොඩගෙන සම්පූර්ණ මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබෙනවා.

අදාළ පරීක්ෂණය විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටවුක් විසින් සිදු කළ යුතුයි. අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 25 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයා පසුගිය දෙවැනිදා මිය ගියා.

පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවටයි එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ.

ඔහු බදුල්ල –  මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ   නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ.

 

Share This