ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ තරුණයෝ අත්වැල් බැඳගනියි
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල තරුණ නායකයින් නව සන්ධානයක් ඇති කිරීම සඳහා වන සාකච්ඡාවක් ඊයේ (28) පවත්වා තිබෙනවා.
කොළඹ ටවුන්හෝල ප්රදේශයේදී මෙය පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාළ සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබලය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල තරුණ නායකයින් එක්ව සිටි බව සඳහන්.
මෙම හමුවීම සිදුව ඇත්තේ, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සන්ධානගතවීම ප්රමාද කරන අවස්ථාවකයි.