ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට අවස්ථාව
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අද (27) සිට අවස්ථාව ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
භාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද සිට පෙබරවාරි මස 06 වෙනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.
2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණා.