ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විවෘත වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කරයි.
ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය එම නියෝගය නිකුත් කළාය.
එම සිද්ධියේ සැකකරුවන් වන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, සරත් කුමාර එදිරිසිංහ හා මිල්රෝයි පෙරේරාට ද මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙම සිදුවීමට අදාළව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද ඊයේ (09) දිනයේ ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පසුගිය මාර්තු 05 වැනිදා රාත්‍රියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අනෙක් සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා සොයා පසුගිය සතියේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ස්ථාන රැසක් පරීක්ෂා කර තිබුණත් ඔවුන් පිළිබඳව මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැති බව පොලිසිය සඳහන් කර යි.
(අකිලා නදීෂානි බණ්ඩාර)